Agriculture

Agriculture history of Srilanka : the Amazing Sinhala Article

History

History for Srilankan Ancient Agriculture ප රටේ කෘෂිකර්මාන්තයට වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇත.එදා ඈත අතීතයේ සිටම වී වගාව යොදාගැනුනේ හුදෙක් ම ආර්ථික කටයුත්තක්ම සදහා පමනක්ම නොව සමාජයේම සංස්කෘතික හා ආගමික පරිසරය හැඩගස්වන ජීවන රටාවක් විය.පුරාණ ජනයා මෙම කෘෂිකර්මාන්තය සදහා යොදාගනු ලද්දේ කාබනික කෘෂිකාර්මික පිළිවෙත්ය(අප විසින් කාබනික පොහොර නිශ්පාදනයට සකසා ඇති යන්ත්‍ර වල විස්තර බලන්න) දිගු කාලීන දිවි පැවැත්මක් සහ සෞඛ්‍ය සම්පන්නව පැරැන්නන් ජීවත් වීමේ මෙයයි.තවද එය ස්වභාවධර්මයට සමගාමීව නොනැසී පැවතීමට සහ සමුර්දිමත් වීමට ඇති හැකියාව පෙන්නුම් කරයි .මෙම ලිපිය මගින් සාම්ප්‍රදායික ගොවීන්ගේ කෘෂිකාර්මික භාවිතයන් සහ අදටත් පවතින පෞරාණික ක්‍රම ගැන තොරතුරු රැසක් ඔබ සමග බෙදා ගනිමු.

වාරි වැව

පැරැන්නන් විසින් සකසනු ලැබූ වාරි තාක්ෂණය වර්තමාන වන විටත් විශ්මයජනක වන අතර මෙම තාක්ෂණය 1880 වර්ෂවල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල හෙන්රි පාකර් පවා සොයා බලා ඇත.වැව එදා මෙන්ම එදාත් ජනයාගේ හදවත කීවොත් නිවැරදිය යම් ප්‍රදේශයක වැවක් දක්නට නොලැබුනොත් ඒ අවට කුඹුරක් හෝ ගමක් දක්නට නැත.වැවි පරිහරණය හා ජලය ආශිත කෘෂිකාර්මික සම්ප්‍රදායන් පරම්පරාගතව අදටත් පවතී.

කුඹුර

කුඹුර එහෙමත් නැත්නම් කෙත යනු ගොවීන් වී වගා කරනු ලබන භූමියයි.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වන අතර එම නිසා වී වගාව කෘෂිකර්මාන්තයේදී ඉතා වැදගත් තැනක් ගනී ඉතා ඈත කාලයේදී මෙරට නිශ්පාදනය කරනු ලැබූ සහල් පිටරට වලට පවා ආනයනය කර ඇත. එවකට ශ්‍රී ලංකාව හදුන්වා ඇත්තේ පෙරදිග මහා ධාන්‍යාගාරය ලෙසය. වහා කරන ලද වී නිසි කාලයේදී අස්වනු නෙලා ගැනීමට එවකට දෑකැත්ත යොදා ගත් අතර මේ වන විට නවීන යන්ත්‍ර භාවිතා කරනු ලබයි. කෙතෙහි බැත බතට කැන්දන ක්‍රියාවලිය අතීතයේ අම්බරුවන් විසින් ක්‍රමවත්ව කරන ලද අතර අදවන විට නවීන තාක්ෂණයෙන් යුතු J-TEC E1 සහ J-TEC F9 වී කෙටීමේ යන්ත්‍ර අප විසින් හදුන්වා දී ඇත.

කුඹුර යනු තනි ගොවියෙකුට අයත් විශාල වගා භූමියකි.කුඹුරු යායේ වී වගා කරන්නේ ලියදි නමින් හදුන්වනු ලබන චතුරශ්‍රාකාර බිම් ප්‍රදේශ වලයි. මේවා නියර නමින් හදුන්වන කදු වැටි වලින් වටවී ඇත. ලියදි වලට ජලය සපයනු ලබන්නේ වක්කඩයෙනි.වක්කඩ යනු නියරෙහි විවරයක් සාදා ලියද්දට ජලය සපයන ස්ථානයයි.කුඹුරු වලට ජලය ගලා ඒම නියාමණය කිරීම සහ කළමණාකරණය කිරීම සදහා කනටි නමින් හදුන්වන ලියදි වලට වඩා කුඩා භූමී ප්‍රදේශ සකසා ඇත.කනටි දෙකක් කුඹුරු යායේ කෙලවරයන් දෙකේ පිහිටා ඇත.මෙම කොටස කුරුල්ලන්ට ආහාර සැපයීමට වෙන් කර ඇත.පැරැන්නන් විශ්වාස කලේ කුරුල්ලන්ට ආහාර ලබා දීමෙන් කුඹුරු වලට වන හානිය අඩු වන බවයි.කුරුලුපාලුව යනු පැරැන්නන් විසින් පරාර්ථකාමී ලෙස යොදාගත් එක් ක්‍රමවේදයකි.

කුඹුරු වර්ග

ගොඩකුඹුරු සහ මහකුඹුරු ලෙස වර්ග දෙකක් තිබේ. ගොඩකුඹුරු යනු නිසි ජල සැකැස්මකින් තොරව වැසි ජලයෙන් කුඹුරුවගා කිරීමයි .මෙම ක්‍රමය ප්‍රසිද්ධ නොවුයේ නිසි කලට වැස්ස නොලැබීම නිසාය.මඩකුඹුරු යනු වාරි වැවක් උපයෝගී කරගෙන ඇල මාර්ග දිගේ නිසි ජල සැලැස්මක් සහිතව වගා කිරීමයි.

සී සෑම

පුරාණයේ ගවයන් යොදාගෙන නගුලක් ආධාරයෙන් කුඹුරු වගාවට පෙර ඉඩම කපා සකස් කර ගැනීමයි.එකල රජ දවස මෙය වප් මගුල් උත්සවය ලෙස හදුන්වනු ලදී.සී සෑම ආරම්භ කිරිමට පෙර පැරැන්නන් විසින් බොහෝ චාරිත්‍රානුකූල කටයුතු කර ඇත.වර්තමානයේ සී සෑම සදහා ගවයා වෙනුවට ට්‍රැක්ටරය ඇති අතර නගුල වෙනුවට රොටරිය භාවිතා කරන ලදී.

පස සරු පසක් බවට පත් කිරීම

පැරැන්නන් පස සරු කිරීම සදහා කෘමිනාශක භාවිත කලේ නැත.ඒ වෙනුවට ස්වභාවික පොහොර දිරාපත් වූ පිදුරු භාවිතා කරන ලදී.මෙම ක්‍රමය මගින් පසේ ක්ෂූද්‍රජීවී ක්‍රියාකාරීත්වය වැඩි මට්ටමක පැවතුනි.එම නිසා ඉහල අස්වැන්නක් ලැබුණි.

පෝරු ගෑම

පෝරු ගෑම යනු ගවයන් සහ පෝරුව නමින් හැඳින්වෙන මෙවලමක් යොදාගෙන කුඹුර සමතලා කිරීමයි. පෝරු ගෑම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ කුඹුරු කපා පොහොර යෙදීමෙන් සති කිහිපයකට පසුවය. මෙම ක්‍රියාවලිය එක් ලියද්දක සිට තවත් ලියද්දකට ඒකාකාර ජල ප්‍රවාහයක් ඇති බව සහතික කරයි

වැපිරීම සහ පැළ සිටුවීම

සී සා ,පෝරු ගෑමෙන් පසු වැපිරීම සහ පැළ සිටුවීම කරනු ලබයි

වල් සහ අනෙකුත් පැළෑටි ගැලවීම

මෙම ක්‍රියාවලිය වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසිනි.මෙම ක්‍රියාව සිදු කිරීමේදි ඇතිවන තෙහෙට්ටුව සහ කම්මැලිකම දුරු කිරීමට කවි කියන ලදී මේවා නෙළුම් කවි ලෙස හදුන්වනු ලදී.සම්පූර්ණයෙන්ම කුඹුරු යායෙම වල් ගැලවීම සදහා සති දෙකක් වැනි කාලයක් ගතවේ.වර්තමානයේ මේවාට කෘමිනානාශක භාවිත කරනු ලැබේ.

කුඹුර ආරක්ෂා කිරීම

පැරණි කුඹුරු වටා ඇති ගස් වල අතු කපා දමා දඩු වැට නම්න් වැටක් කුඹුර වටා සකස් කර මුලු කුඹුරු යායම ආරක්ෂා කරන ලදී.මීට අමතරව සතුන් බිය වැද්දීම සදහා කුඹුර මැද පඹයකු සකස් කරනු ලබයි.එමෙන්ම ටකයක් එල්ලනු ලබයි.රාත්‍රියේදී වන අලීන්ගෙන් සහා අනෙකුත් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීමට පැලක් සාදා රාතියේ පැල් රකිනු ලැබේ.

රෝග අවම කර ගැනීම

පලිබෝධ සතුන් අවම කාල බලා ගොවීන් ගොවි බිම් වගා කරන ලදී මේවා කන්න ලෙස හදුන්වනු ලැබේ.මෙයට අමතරව ස්වභාවික පලිබෝධ ක්‍රම භාවිතා කරන ලදී.පුරාණයේ ජන සංස්කෘතියට අනුව දේව කන්නලව්,පුද පූජා ආගමික ක්‍රියාකාරකම්ද භාවිතා කරන ලදී.

අස්වනු නෙලිම

ගොයම රන්වන් පැහැයට හැරෙන විට අස්වනු නෙලීමට පටන් ගනී එවකට භාවිතා කරන ලද්දේ දෑකැත්තයී.එමෙන්ම අත්තම් ක්‍රමයට ගොයම් කපන ලදී.අත්තම් ක්‍රමය යනු එකිනෙකා එකිනෙකාට උදවු කරමින් අස්වනු නෙලීමයි.මෙසේ කපා ගන්නා ගොයම් නිවසට රැගෙන යාමට පෙර කුඹුරුවල ගොඩ ගසන ලදී ඉන් පසුව කරත්ත ආධාරයෙන් නිවසට ගෙන එන ලදී

වී ගබඩා කර ගැනීම

මෙයට අටුව නමින් හදුන්වනු ලබන ස්ථානයක් භාවිතා කරනු ලබයි.

වී කෙටීම

අතීතයේ වී කොටනු ලැබුවේ වංගෙඩියෙනි වංගෙඩියෙන් කොටනු ලබන වී කුල්ලෙන් පොලා සහල් බවට පත් කරන ලදී ගල් වැලි ඉවත් කිරීමට නෑබිලිය භාවිතා කරන ලදී.වර්තමානය වන විය ජානක ඉංජිනියරින් ආයතනය විසින් හදුන්වා දුන් JTEC- E1,JTEC-F9 වැනි යන්ත්‍ර භාවිතා කරනු ලැබේ.

අප සමග සම්බන්ධ වන්න

https://www.facebook.com/profile.php?…

https://www.facebook.com/jeipvt

https://twitter.com/janakaenglk

https://www.linkedin.com/in/janaka-udayakantha-46500b227/

https://www.instagram.com/jeimediateam/

https://www.pinterest.com/janakaengineeringlk/

Similar Posts